මැදමුලන වළව්ව බන්ධනාගාරයක් කරයි කියලා නාමල් බයවෙලා…! – නි. ඇමති සුනිල් වටගල…

July 10, 2026 at 11:00 am | by emanisa.lk

ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපනය කිරීමට කටයුතු කරන්නේ අත්හැර දමන ලද පැරණි, ගරා වැටුණු රෝහලක බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

“දැන් පොහොට්ටුවේ මාදුගොඩ මන්ත්‍රීතුමා මාර විදියට මැරෙන්න හැදුවා, පුදුම විදියට කැක්කුම කියෙව්වා මෙතන ඇවිල්ලා ගාල්ලේ මහමෝදර බන්ධනාගාරයක් හදන්න යනවා කියලා පරණ රෝහලක. ඒක ගරා වැටිච්ච රෝහලක්. ඒ රෝහලේම අවශ්‍යතාවක් නෑ, පවතින අවශ්‍යතාව පදනම් කරගෙන මහමෝදර රෝහල බන්ධනාගාරයක් බවට පත්කරන්න ගැසට් කරලා තියෙනවා. ඇත්ත.

මගේ මිත්‍රයෙක් කියලා එවලා තියෙනවා මෙන්න මෙහෙම හැඟීමක් එයාට එනවා කියලා. මොකක්ද, දැන් එන්න එන්න බයවෙලා ඒ පොහොට්ටු කණ්ඩායම, මොකද මැදමුලන වලව්ව අපි බන්ධනාගාරයකට ගනීද කියලා. මැදමුලන වලව්ව බන්ධනාගාරයකට ගත්තොත් හරි වාසියක් තියෙනවා.

මොකක්ද දන්නවාද, ඒකෙ ඉන්න කට්ටිය වාදවිවාද කරන්නෙ වැඩිය දඟලන්නෙ නෑ.
මොකද මැදමුලනට ගියපු කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. ඒක හින්දා කරදර කරන එකක් නැහැලු පුරුදු තැනක්ලු, ඒක හින්දා මැදමුලන වලව්ව ගනී කියලා දැන් නාමල්ලා බයවෙලා ඉන්නේ. ඉතින් ඒක හින්දා අපි කියනවා මාදුගොඩ මන්ත්‍රීතුමාට කලබල වෙන්න එපා, දැන්ම අදහසක් නෑ මැදමුලන වලව්ව බන්ධනාගාරයකට ගන්න. අපි බලමු ඉල්ලීම අනුව මොකක්ද වෙන්නෙ කියලා.”

නි. ඇමති සුනිල් වටගල මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස