වී කිලෝවට 150ක් ඉල්ලන අය එයාලගේ ආණ්ඩුවක් තිබ්බා නම් ඒ් ගාණ දෙනවාද….! – නි. ඇමති නාමල් කරුණාරත්න…

July 9, 2026 at 2:00 pm | by emanisa.lk

අද වී කිලෝවක් සඳහා රු. 150ක් ඉල්ලන විපක්ෂය සිය ආණ්ඩුවක් තිබිණි නම් වී කිලෝව සඳහා රු. 150ක් ලබාදෙන්නේ දැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රශ්න කරයි.

තමා එක් අවස්ථාවක වී කිලෝවක නිෂ්පාදන මිල රු. 154ක් යැයි කීවේ ඒ අවස්ථාවේ පොහොර මිල, කම්කරු පඩි ආදී සියල්ල සලකා බැලීමෙන් අනතුරුව බවද හෙතෙම සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ පොහොර මිටිය 1500ට දුන්නා යැයි චාමර සම්පත් දසනායක ප්‍රකාශ කළද පොහොර තහනම් කළේද මහින්ද අගමැති ලෙස කටයුතු කළ ආණ්ඩුවක් යටතේ බවද නාමල් කරුණාරත්න ප්‍රකාශ කරයි.

නි. ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *