ඡන්දෙට කලින් ගොවි රජා, ඡන්දෙන් පස්සේ කසිප්පුකාරයා වුණා…! – සජිත් ප්‍රේමදාස…

July 9, 2026 at 10:53 am | by emanisa.lk

එදා ගොවියා දෙවියා කියා ගොවියා රජවරුන් බවට පත් කරන්න අවශ්‍ය බව පවසා ආණ්ඩු බලය ලබා ගත් වත්මන් රජය ගොවියාට අද අපහාස අවලාද කරමින් කසිප්පුකාරයන් බවට හංවඩු ගසමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ආණ්ඩුව ආකර්ශනීය පොරොන්දු ලබාදී ගොවි ජනතාව රවටා අතරමං කර අනාථ කර ඔවුන් කෘත්‍රීම ගොවියන් යැයිද රටට බත සපයන්නේ නැතැයිද නින්දා කරන බවට හෙතෙම චෝදනා කරයි.

ගොවි ජනතාව රජ කරවනවා යැයි තීන්දු වන්නේ ගොවියාගේ උප්පත්තිය අනුව බවට දැඩි අපහාස උපහාස අවලාද තැනට ගොවියාගේ කරමතින් බලයට පැමිණි ආණ්ඩුව වැටී ඇතැයිද සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

වත්මන් රජය පවසන ආකාරයට වී කිලෝවක් නිෂ්පාදනය කරන්න රු.137ක් වැය වුවත් අද වී කිලෝවක් සඳහා රු.120ක ස්ථාවර මිලක් ලබා දී දශලක්ෂ ගණනින් ඡන්දය ලබා දුන් ගොවි ජනතාවගේ වී කිලෝවට රු. 17ක් මේ රජය පාඩු කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *