කලාගාරයකට හැරවූ බෝගම්බර යළිත් බන්ධනාගාරයක් වෙයි…!

July 9, 2026 at 10:22 am | by emanisa.lk

පැරණි බෝගම්බර බන්ධනාගාරය යළි බන්ධනාගාරයක් බවට පත් කරමින් අධිකරණ හා ජාතික ඒකාබද්දතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඊයේ (08) ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

මේ අතර ගාල්ල මහ මෝදර පැරණි රෝහල් පරිශ්‍රය බන්ධනාගාරයක් බවට පත් කරමින් පෙරේදා (07) අමාත්‍යවරයා තවත් ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් පසු එහි සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවුණු අතර එවන් පසුබිමක මෙලෙස නව බන්ධනාගාර ස්ථාපිත කරමින් ගැසට් නිවේදන නිකුත් කර ඇත.

බෝගම්බර බන්ධනාගාරය 2014 වසරේ වසා දමා එම වටිනා භූමිය ෂොපින් මෝල්, ෆුඩ් කෝට්, කෞතුකාගාරය සහ සංචාරක හෝටලය ඇතුළත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කළ අතර බන්ධනාගාරය පල්ලේකැලේට රැගෙන ගියේය.

ගාල්ල නගරය ආසන්නයේ වෙරළ තීරයේ පිහිට මහමෝදර රෝහල කරාපිටියට රැගෙන ගොස් එහිදී සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමට මෙයට පෙර සැලසුම් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *