මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් සහල් පරිභෝජනය අඩු කළ යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලාංකිකයන් අතර පවතින දියවැඩියා රෝගී තත්ත්වයන් ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ තුන්වේලම බත් ආහාරයට ගැනීම බවයි.
එබැවින්, සහල් මූලික ආහාර වේලක් ලෙස පවතින රටාව වෙනස් කරමින්, එක් පුද්ගලයෙකු දිනකට පරිභෝජනය කරන සහල් ප්‍රමාණය අඩු කර ඒ වෙනුවට වෙනත් පෝෂ්‍යදායී ද්‍රව්‍ය ආහාර වේලට එක් කරගත යුතු බව ඔහු අවධාරණය කළේය.
සහල් පදනම් කරගත් ආහාර වර්ග නිෂ්පාදනය වැඩි කළ යුතු බවත්, එමගින් සහල් පරිභෝජනයේ පංගුව අඩු කරමින් වඩාත් සමබල සහ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.