දැන් ජනතාව බදු ගෙවන්නේ හරිම කැමැත්තෙන්…! – ලක්ෂ්මන් නිපුණආරච්චි…

July 3, 2026 at 10:16 am | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව බදු හොරකම් නොකරන නිසා ජනතාව ඉතාම කැමැත්තෙන් බදු ගෙවන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි.

“බදු එකතු කරලා අපි මුකුත් කරන්නේ නෑ. පරණ ආණ්ඩු වගේ ඒ බදු සත පහක් විනාශ කරන්නේ නෑ. හොරකම් කරන්නේ නෑ. එ් නිසා බදු ගන්නේ ජනතාව වෙනුවෙන්. ජනතාවට අවශ්‍ය සේවය ලබා දෙන්න. ඒ නිසා තඹ දොයිතුවක දෙයක් අපතේ යන්නේ නෑ. ඒක මිනිස්සුත් දන්නවා. ඒ නිසා ජනතාව බදු ගෙවන්නේ හරි කැමැත්තෙන්.”

උත්සව අවස්ථාවකට පසු මාධ්‍ය අමතමින් ලක්ෂ්මන් නිපුණආරච්චි මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *