අපේ ඇමතිතුමා කෙළින්ම එන්නේ පන්සලේ දංගෙට.. ඇවිත් ඉතිරි වෙච්චි දානේ නැද්ද අහනවා… මේක අපට මහ සතුටක්..! – තන්තිරිමලේ නාහිමි…

June 30, 2026 at 2:13 pm | by emanisa.lk

ඉස්සර මෙන් නොව වර්මාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් තමන් සමග ඉතාම ළෙංගතු බව තන්තිරිමලය රාජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්ද්‍රරතන හිමි පවසයි.

“අපිත් එක්ක කල්‍යාණ මිත්‍රයෝ විදිහට ආ ගමන් මගේ පන්සලේ පැන්ටියට යන ඇමතිවරු ඉන්නේ දැන්. ටිකක් වෙනස් ඇමතිවරු. ආව ගමන් මගෙන් අහනවා මොනවාද හාමුදුරුවනේ කන්න තියෙන්නේ?

දානේ ඉතිරිවෙලා තියෙනවාද? කියලා අහමින් වසන්ත ඇමතිතුමා ඉස්සෙල්ලාම ඇමතිකම අරන් ආවේ මගේ පැන්ටියට. මං මේ කියන්නේ ළෙංගතුකම. ඇමතිතුමෙක් අපේ දානේ කටක් කන්න එනවා කියන්නේ අපට මහ සතුටක්.”

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේ පැවති උත්සව අවස්ථාවක් අමතමින් එහිමියන් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *