ලීස් කරලා ලක්ෂ 12ට විට්ස් කාර් ගන්න මාලිමාවට ඡන්දේ දුන් රාජ්‍ය සේවකයාට ලීස් කරලා හාල් විස්සක් ගන්න වෙලා…!

June 29, 2026 at 11:55 am | by emanisa.lk

රුපියල් ලක්ෂ දොළහේ විට්ස් මෝටර් රථ පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමට මාලිමාවට ඡන්දය දුන් රාජ්‍ය සේවකයින්ට අද සිදුව ඇත්තේ පහසු ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් ලබාගැනීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

“ඡන්ද කාලෙ මේ අය කුඹුරට බැහැලා කිව්වා 150ක් දෙනවා කියලා වී කිලෝවකට. ඊට පස්සෙ කිව්වා 120ක් දෙනවායි කියලා. දැන් බොහෝ තැන්වල ගොයම් කැපෙන්න අරන්. වී කිලෝව යන්නේ රුපියල් 75ට, 80ට, 85ට, 90ට. ගොවි ජනතාව අනාථ වෙලා.

කියපු මිල දෙන්නෙ නැතිව අද ගොවි ජනතාව පාරට බැස්සාම මොකද කියන්නෙ? ඡන්දෙ දුන්න ගොවීන්ට කියනවා කසිප්පුකාරයොලු. තවත් වෙලාවක කියනවා මේ ගොවියො නෙවෙයි ආටිෆිෂල් ගොවියොලු. හැබැයි ඡන්දෙ ගන්නකල් කිව්වෙ ගොවියා දෙවියා, ගොවියා රජ කරනවා කියලා.

දැන් ඊයෙ පෙරේදා නිවේදනයක් නිකුත් වෙනවා පඩියෙන් කපාගන්න විදියට හාල් කිලෝ 20ක් දෙන්නම්ලු රජයේ නිලධාරීන්ට. හැබැයි රජයේ නිලධාරීන් බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටියේ පඩියෙන් කැපෙන්න අර ලක්ෂ 12 විට්ස් කාර් එක ගන්න.

දැන් පඩියෙන් කැපෙන්න යන්නෙ ඔය ලබා දෙනවායි කියන සහල් කිලෝ 20 ට. විශෙෂයෙන්ම මැතිවරණ සමයේදී අර මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල් පදයත් රකින්නට ඕනෙ.”

සජිත් ප්‍රේමදාස ඊයේ (28) මේ බව පැවසුවේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 102 වැනි ජන්ම දිනය නිමිත්තෙන් තිස්සමහාරාම යෝධකණ්ඩිය බෝධිමහා විහාරස්ථානයට ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතියක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *