ලංකා ඉතිහාසයේ බුද්ධභෝග ලීසිං ක්‍රමයට ලබා දුන් පුද්ගලයා ලෙස වෙළඳ ඇමති වසන්ත සමරසිංහ ඉතිහාසගත වන බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් පවසයි.
“මේ පෙරදිග ධාන්‍යාගාරය කී රට. එ් රටේ වෙළඳ ඇමති කියනවා රාජ්‍ය සේවකයන්ට ලීසිං ක්‍රමේට හාල් කිලෝ විස්සක් දෙනවා කියලා. මේ මොන හතර විළිලැජ්ජා නැති වැඩක්ද?
රාජ්‍ය සේවකයෝ උඩපැන ගෙන ගැහුවේ කතිරේ. ඡන්ද පෙට්ටි හළද්දි අත්පුඩි ගැහුවා. ලංකා ඉතිහාසේ බුද්ධභෝග ලීසිං ක්‍රෙම්ට ලබා දුන් වෙළඳ ඇමති විදිහට ඉතිහාසගත වෙනවා වසන්ත සමරසිංහ. බත් දුන් පියා ඉන්නවා. ලීසිං පියා.”
අසේල සම්පත් මේ බව කීවේ මාධ්‍ය හමුවක් අමතමිනි.