සමගි ජන බලවේග හොරණ සංවිධායක චරිත් අබේසිංහට එරෙහිව සජබ නායක සජිත් ප්‍රේමදාස විනය ක්‍රියාමාර්ග ගන්නේ දැයි ආණ්ඩුව අවධානයෙන් සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර පවසයි.
“විපක්ෂ නායකවරයා කුඩුවලට එරෙහිව කතා කරනවා. සිංගප්පූරුවේ නීතිය ගේන්න කියනවා. ඒ කියන්නේ මරණ දඬුවම ගේන්න කියලාද විපක්ෂ නායකවරයා කියන්නේ.
එතකොට චරිත් අබේසිංහවත් එල්ලලා මරන්න කියලාද කියන්නේ. අපි බලා ඉන්නවා චරිත් අබේසිංහ සම්බන්ධයෙන් සජබ පක්ෂ අභ්‍යන්තර විනය පරික්ෂණයක් පවත්වනවාද කියලා.
අපටත් මනින්න වෙන්නේ කතාවෙන් නෙමෙයි, ක්‍රියාවෙන්. ඒ නිසා අපි කාලයට ඉඩදීලා බලා ඉන්නවා. විපක්ෂ නායකතුමා ශිෂ්ට සම්පන්න දේශපාලනයකට පණ පොවන කෙනෙක් නිසා.”