මින්පසු දිගටම බිහිවෙන්නේ මාලිමාණ්ඩු විතරයි… සජිත්ට නාමල්ට වෙන්නේ හිස් අතින් මැරෙන්න…! – වාසුදේව නානායක්කාර….

June 28, 2026 at 11:50 am | by emanisa.lk

වර්තමාන ජනතාවාදී ආණ්ඩුව ජනතා අපේක්ෂා ඉටුකිරීමට කටයුතු කරමින් ඇතැයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම ආණ්ඩුව දක්ෂිණාංශික ප්‍රතිවාදී ප්‍රහාරයෙන් ආරක්ෂා කිරීම සිය යුතුකමක් බවයි.

ඉදිරියට දේශපාලන බලපෙරළියක් සිදුනොවන අතර ඉදිරියට බිහිවනු ඇත්තේ වර්තමාන ආණ්ඩුවේ දිගුවක් බවද හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරයි.

මේ නිසා සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂට සිය දේශපාලන බලාපොරොත්තුද සමග අභාවයට යෑමට සිදුවිය හැකි බවද වාසුදේව නානායක්කාර අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *