යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය දැනට තමන් සතුව නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව පවසයි.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔරොත්තු නොදෙන බවත් එය නිම කිරීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය තමන් සතුව නොමැති බවත් කමිටුවේ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර් ඊයේ (25) ප්‍රකාශ කළේය.
ජනපති අනුර දිසානායක පසුගිය වසරේ සැප්තැම්බර් 25 වෙනිදා යාපනය මණ්ඩතිව් දූපතේ යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සඳහා මුල් ගල තැබීය.
එම ක්‍රිකට් පිටියේ පළමු තරගය එම වසර අවසන් වන විටත්, පළමු ජාත්‍යන්තර තරගය වසර 03ක් ඇතුළතත් පැවැත්වීමටත් හැකි වනු ඇති බවට එම අවස්ථාවේදී ජනාධිපතිවරයා සිය විශ්වාසය පළ කළේය.