ජනතාව වේගයෙන් දුප්පත්කමින් ඉහළට… අප්‍රේල් මස සිට 315000කට අස්වැසුම නෑ… ජුනි මස සිට තවත් 425 000කට නෑ…!

June 25, 2026 at 7:26 pm | by emanisa.lk

ජනතාව වේගයෙන් දුප්පත්කමින් ඉහළට… අප්‍රේල් මස සිට 315000කට අස්වැසුම නෑ… ජුනි මස සිට තවත් 425 000කට නෑ…!

අස්වැසුම මඟින් මින් ඉදිරියට දීමනා ගෙවීම් කරනු ලබන්නේ දුප්පත් සහ අන්ත දිළිඳු පවුල් සඳහා පමණක් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කරයි.

2023 වර්ෂයේ සිට අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ආරම්භ කළ අතර එහි දෙවන අදියර මේ වසරේ සිට ක්‍රියාත්මක කිරිමට නියමිතය.

2023 වර්ෂයේ දී ලක්ෂ 16කට ආසන්න පිරිසකට අස්වැසුම හිමිවූ අතර 2025 අප්‍රේල් මස ඉන් සංක්‍රාන්තික කාණ්ඩයේ ප්‍රතිලාභීන් 315,000කට ගෙවීම් නතර කර තිබේ.

මේ වසරේ ජුනි මාසයේ සිට අවදානමට ලක්වූ කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන් 425,000කට අස්වැසුම නතර කර ඇත.

මෙම පිරිස අතර දුප්පත් හෝ අන්ත දිළිදු කාණ්ඩයට අයත් පවුල් ඇත්නම් ඔවුන්ට නැවත අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීමට හැකියාව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *