අලුතින් හඳුන්වා දෙන මෙට්‍රෝ බස් රථ ධාවනය වන්නේ මෙතෙක් බස් ධාවනය කළ මාර්ගවල (roots) නොවන බව ප්‍රවාහන නි. අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඒවා නගර තුළ අලුත් මාර්ගවල අලුත් සුඛෝපභෝගී බස් රථ (urban luxury bus) සේවා කාණ්ඩය යටතේ ධාවනය වන බවයි.
මෙම බස් රථවල ගාස්තුව සාමාන්‍ය ගාස්තුව මෙන් දෙගුණයක් බවත් එම සේවාව කොළඹට සිය වාහනයෙන් රැකියාවට හෝ සිය අවශ්‍යතා ඉටුකරගැනීමට පැමිණෙන පිරිස ඉල්ලක කරගෙන ආරම්භ කළ බවද නි. ඇමතිවරයා ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.