සුරේෂ් සලේ ඉස්කෝලේ යන්න බෑ කියලා අඬන පොඩි එකෙක් වගේ..! – ඔෂානි උමංගා

June 22, 2026 at 10:56 pm | by emanisa.lk

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේගේ වර්තමාන හැසිරීම පාසල් යාමට අකමැත්තෙන් හඬා වැළපෙන කුඩා දරුවෙකුගේ හැසිරීමට සමාන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඔෂානි උමංගා පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ සුරේෂ් සලේ විමර්ශන හමුවේ දක්වන ක්‍රියාකලාපය විවේචනය කරමිනි.
මීට වඩා දරා ගැනීමක් මීට වඩා වගකීම් සහගත බවක් හිටපු බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන් තමන් දුටු බවද ඇය ප්‍රකාශ කරයි.

මේ රටේ ජනතාව බුද්ධි අංශ නිලධාරියෙකුගෙන් මෙවැනි ළාමක හැසිරීමක් බලාපොරොත්තු නොවූ බවද ඔෂානි උමංග අවධාරණය කරයි.

ජනතා අභිලාෂ අනුව නීතිය සියල්ලන්ට ඉහළින් ඇති රටක් තමන් නිර්මාණය කර ඇති බවත් හිටපු බුද්ධි අංශ ප්‍රධානියාගෙන් වගකීම් සහගත ලෙස හැසිරෙන ලෙස ඉල්ලා සිටින බවද ඇය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *