2016 ඉස්ලාමයට අපහාස කරලා… ඥානසාර හිමිට මාස 09ක සිරදඬුවම්…!

June 23, 2026 at 11:14 am | by emanisa.lk

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීමෙන් ජාතීන් අතර සංහිඳියාව බිඳහෙළීමට ක්‍රියා කළේ යයි චෝදනාවට වරදකරු කළ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කළ මාස 09ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කළේය.

එම සිරදඬුවමින් තමන් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමි විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

2016 වසරේ කිරුළපන ප්‍රදේශීය පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලීසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව නඩුවක් ගොනු කළේය.

නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඬුවම නියම කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *