ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා ඡන්දය පැවැත්වීමට මුදල් නැති බවට සිදුකළ ප්රකාශය හෝ ජාතික ජන බලවේග මහ ලේකම් නිහාල් අබේසිංහ එය ප්රතික්ෂේප කළ ප්රකාශය තමන් නොදුටු බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.
ඒ ගැන මාධ්ය වාර්තා පමණක් දුටු නිසාත් මාධ්ය වාර්තා බොහෝ විට අසත්ය නිසාත් ඒ පිළිබඳ අදහස් දැක්වීමේදී තමන් පරිස්සම් වන බවත් ඒ ගැන මත පළකිරීමේදී පරිස්සම් වන බවත් අගමැතිනිය අවධාරණය කරයි.
ආණ්ඩුව මැතිවරණ කල්දැමීමට කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත් ටිල්වින් සිල්වා කළා යැයි කියන ප්රකාශය තමන් නොදුටු සහ නොඇසූ බවත් එවැනි ප්රකාශයක් කරනු ඇතැයි තමන් නොසිතන බවත් හරිනි අමරසූරිය වැඩි දුරටත් ප්රකාශ කරයි.
සිරස නාලිකාව සමග පැවති සාකච්ඡාවකට එකතු වෙමින් අගමැතිනිය මේ බව සඳහන් කළාය.