වත්මන් පොලිපති ප්‍රියන්ත වීරසූරිය, රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර සහ දිලීප පීරිස් යන අය දරන තනතුරුවල රාජකාරි නිසි ලෙස සිදුකරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.
“වත්මන් පොලිස්පතිවරයාට පදනම් විරහිතව චෝදනා කරනවා. ඇයි? පොලිස්පතිකමේ වැඩේ හොඳට කරනවා. ඒක තමයි හතුරන්ට තියෙන විවේචනය.
ශානි අබේසේකරට චෝදනා එල්ල කරනවා. ඇයි? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩේ හොඳට කරනවා. රවී සෙනෙවිරත්නට චෝදනා එල්ල කරනවා. ඇයි? අමාත්‍යාංශයේ වැඩේ හොඳට කරනවා.
දිලීප පීරිස්ට පහර පිට පහර දෙනවා. ඇයි? ජනතාවගේ අභිලාෂයන්වලට නීතිපති දෙපාර්තමේන්තුව ගලපනවා.”
විපක්ෂය පදනම් විරහිත චෝදනාවලට යට නොවී අද ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යන බවද නි. ඇමති සුනිල් වටගල අවධාරණය කරයි.