ඇමති කාංචන යටතේ ලාභ ලැබූ ලංවිමත් හාන්සියි… 2025 මාස අටක පාඩුව බිලියන 4.9යි…!

June 18, 2026 at 10:45 am | by emanisa.lk

ඇමති කාංචන විජේසේකර යටතේ ලාභ ලැබූ විදුලි බල මණ්ඩය 2025 අගෝස්තු වන විට රු. බිලියන 4.9ක් පාඩු ලබා ඇතැයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීතීඥ පියල් දර්ශන ගුරුගේ පවසයි.

මේ ආකාරයට විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ ජනතාව විදුලි බිල නොගෙවන නිසා දැයි ඔහු ප්‍රශ්න කරයි.

2023 වසරේ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යටතේ රු. බිලියන 2.8ක් ලාභ ලැබූ ලංකා සීනී සමාගම ඇමති සුනිල් හඳුන්නෙත්ති යටතේ 2024 බිලියන 1.9ක්ද 2025 වසරේ අගෝස්තු වන විට පාඩුව බිලියන 2.1ක් බවද හෙතෙම පෙන්වා දෙයි.

ඔහු පෙන්වා දෙන්නේ නිල නොවන තොරතුරු අනුව එම පාඩුව මේ වන විට බිලියන 4.3 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

චාමර සම්පත්ලා පාර්ලිමේන්තු නොඑවන ලෙසත් ඇවිදින පුස්තකාල වටකොට පහර දෙනු ඇති බවටත් ප්‍රකාශ කරමින් බලයට පැමිණි කණ්ඩායම සිය දේශපාලන හෙංචයියන් යටතට රාජ්‍ය ආයතන පත්කිරීම නිසා ඒවා දිගින් දිගටම පාඩු ලබමින් ඇතැයිද නීතීඥ පියල් දර්ශන ගුරුගේ අවධාරණය කරයි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *