මේජර් ජනරාල් සලේ ප්‍රසිද්ධියේ නිරුවත් කළ බව CID පිළිගනී…!

June 17, 2026 at 10:21 am | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති විසින් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ 2026 මාර්තු 8 වන දින අනෙකුත් රැඳවියන් ඉදිරියේ ශරීර පරීක්ෂාවකට ලක් කළ බව පළමු වතාවට පිළිගෙන තිබේ.

ඒ අනුව මානව හිමිකම් කොමිෂන් සභාව විසින් එදින පැමිණ සිටි පොලිස් නිලධාරීන්ට 2026 ජුනි 26 දින හෝ ඊට පෙර ශරීර පරීක්ෂා කිරීම සම්බන්ධ සම්මත ක්‍රියාපටිපාටි, 2026 වර්ෂය තුළ එවැනි ශරීර පරීක්ෂා සිදු කළ සියලු දින වාර්තා, අදාළ CCTV දර්ශන, 2026 මාර්තු 8 වන දින ශරීර පරීක්ෂාව සිදු කළ නිලධාරීන්ගේ නම්, රැඳවුම් නියෝගය (Detention Order) නිකුත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයාට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට ඒ පිළිබඳ දැනුම් දුන් දිනය සනාථ කරන ලේඛන ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

මෙම සියලු තොරතුරු සහ ලේඛන 2026 ජුනි 26 වන දින හෝ ඊට පෙර මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතු බවට වැඩි දුරටත් නියෝග කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *