රවී – ශානි සහරාන්ගේ උදව්කාරයෝ… එයාලා නොහිටියා නම් පාස්කු ප්‍රහාරයක් නෑ…!

June 16, 2026 at 4:17 pm | by emanisa.lk

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ශානී අබේසේකර යනු පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම්ගේ සහයකයන් දෙදෙනෙකු බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

2016 වසරේ සිට සුරේෂ් සලේ ප්‍රමුඛ රාජ්‍ය බුද්ධි සේවාව සහ යුද හමුදා බුද්ධි බලකාය සහරාන් හෂීම් ඇතුළු මුස්ලිම් අන්තවාදීන් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ බුද්ධි වාර්තා 337ක් ශානි අබේසේකර විමර්ශන කණ්ඩායම් සඳහා ලබා දී නොමැති බවද ඔහු අනාවරණය කරයි.

ජනතා විමුක්ති පෙරමුණ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවත් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ත්‍රස්තවාදීන් බවත් නොහිටින්නට පාස්කු ප්‍රහාරයක් සිදුනොවන බවද උදය ගම්මන්පිල අවධාරණය කරයි.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාද පාස්කු ප්‍රහාරයට සම්බන්ධ දැයි මේ වන විට සැකයක් උපදින බවද ඔහු ප්‍රකාශ කළේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *