ජාතික ආරක්ෂාවට ලොකුම තර්ජනය සලේ සතුව බුද්ධි තොරතුරු තිබීමයි…! – මාලිමා මන්ත්‍රී…

June 16, 2026 at 10:48 am | by emanisa.lk

සුරේෂ් සලේ යනු හිටපු හමුදා බුද්ධි ප්‍රධානියා මිස වර්තමාන බුද්ධි ප්‍රධානියා නොවන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පවසයි.

එවැනි අයකු සතුව ජාතික ආරක්ෂාවට බලපාන සංවේදී තොරතුරු ඇත්නම් එය රට හමුවේ ඇති විශාලතම ප්‍රශ්නය බවයි, මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ජාතික ආරක්ෂාව දුර්වල වී ඇත්තේ එම තොරතුරු සලේ සතුව තිබීම නිසා බවද ඔහු අවධාරණය කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සලේගේ පරිගණකයේ මුරපද ලබාගෙන එම තොරතුරු වෙත පිවිසීම සමස්ත බුද්ධි අංශ පවාදීමක් ලෙස දැකීම පිළිබඳ තමන් කනගාටු වන බවද අසිත නිරෝෂණ ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස