2020-2023 සමයේ ලාභ ලැබූ ලංකා සීනි සමාගම මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට ගොදුරු වී අලාභ ලබන තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වෙයි.
ලංකා සීනි සමාගම යටතේ පැලවත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ශාලා ක්‍රියාත්මක වෙයි. එම සමාගම පිළිවෙළින් 2020 වසරේ රු. බිලියන 1.25ක්ද 2021 වසරේ රු. මිලියන 819ක්ද 2022 වසරේ රු. බිලියන 6.04ක්ද 2023 වසරේ රු. බිලියන 2.8ක්ද ලාභ උපයා තිබේ. විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පෑ 2022-2024 කාලයේ මෙම ආයතන ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යටතේ පාලනය විය.
කෙසේ වුවද මේ වන විට ලංකා සීනි සමාගම දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණපා ඇති අතර එය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යටතේ 2024 අග සිට ක්‍රියාත්මක වෙයි.