රාජ්‍ය සේවකයෝ හොරකම් කරනවා… අහිංසක අපි බැනුම් අහනවා…! – ඇමති ලාල්කාන්ත…

June 15, 2026 at 10:35 am | by emanisa.lk

මේ වන විට දේශපාලනඥයින් සොරකම් නොකරන නමුත් රාජ්‍ය සේවකයින් තවමත් සොරකම් කරමින් සිටින බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසයි.

“අපි අධිෂ්ඨානයේ ඉන්නවා ප්‍රභූ නොවන පන්තියේ පාලනයක් විදියට අපි දිගටම බලයේ ඉන්නවා කියලා. රනිල් වික්‍රමසිංහ කිව්වේ 2024 වෙනකල් මොකුත් නෑ කියලා. පටි තද කරගන්න කිව්වා කලිසම්වල. ඇයි, කන්න බොන්න නැතිවෙනකොට බඩ බහිනවානෙ. බෙල්ට් එක තද කරගන්න නම් තව හිල් දෙක තුනක් ගහන්න වෙනවා ඇතුළු පැත්තට. රනිල් කිව්වෙ එහෙම ගහගන්න කියලා.

රට ගොඩදාගන්න නම් ඉන්න කිව්වා 2048 වෙනකල්. අපි දැන් හයිවේ ඔක්කොම පටන් අරන් තියෙනවා. රාජ්‍ය සේවකයින්ට රස්සා දෙනවා. මේ යුද්ධයක් ආපු වෙලාවෙත් පඩි කපන්න හරි, ගොවියාගෙ සහනාධාර අයින් කරන්න හරි මොකුත් කරේ නෑ, ඔක්කොම කළමනාකරණය කරලා අපූරුවට කරගෙන යනවා. දැන් තියෙන්නෙ සල්ලි නැති ප්‍රශ්නය නෙවෙයි රටේ. රුපියල් 100ක් වෙන් කළාට රුපියල් 60යි වැඩ. තාම හොරකම් කරනවා රාජ්‍ය සේවයේ. දේශපාලනයේ නෑ. තාම මිනිස්සු බනිනවා, බනින්නෙ අපිට. කෝ, ඕගොල්ලො මේක වෙනස් කරලා නෑ කියලා.”

ඇමති කේ.ඩී. ලාල්කාන්ත මේ බව පැවසුවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නව සේවක පිරිසකට පත්වීම් ලබා දීම වෙනුවෙන් පසුගියදා පැවති උත්සවයක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස