පාස්කු ප්‍රහාරය එල්ල වීමට දින 10කට පෙර එනම් 2019 අප්‍රේල් මස 10 වෙනිදා ඒ පිළිබඳ ප්‍රභූ ආරක්ෂක අංශ දැනුවම්කර තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.
එවැනි පසුබිමක සියලු වැරදි කුමන්ත්‍රණකාරී ලෙස මේජර් ජනරාල් සුරේෂ් සලේ මත පටවන්නේ කෙසේදැයි හෙතෙම විමසයි.
සහරාන් කොළඹ සිට සයින්දුමරුදු උසාවියට රැගෙන ගිය නීතිඥයා දැන් පාර්ලිමේන්තුවේ සිටින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුව අමතමින් චාමර සම්පත් දසනායක මේ බව කීය.