විනිසුරු විශ්‍රාම වයස ගැන තීන්දුවක් ගත්තේ නෑ… වෛද්‍ය විශ්‍රාම වයස කලින් දීර්ඝ කළා…ගැටලුවක් වෙලා නෑ…! – ඇමති නලින්ද ජයතිස්ස…

June 10, 2026 at 10:45 am | by emanisa.lk

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන කාලසීමාව දීර්ඝ කිරීම සඳහා මෙතෙක් රජය කිසිදු තීරණයක් ගෙන නැති බව කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (09) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළ ඇමතිවරයා, තව දුරටත් කියා සිටියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධවව රජය තුළ සාකච්ඡාවක් පවා සිදු කර නැති බවයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන කාල සීමාව දීර්ඝ කිරීමට රජය සැලසුම් කර ඇති බවට පසුගිය කාලය තුළ පුළුල් සංවාදයක් රටේ ඇතිවී තිබූ අතර ඒ පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගුව පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

කෙසේ වුවද විවිධ වෘත්තිකයින්ගෙන් මේ සඳහා යෝජනා ඉදිරිපත්ව ඇති බවද ඇමති නලින්ද ජයතිස්ස අනාවරණය කළේය.

මීට ඉහතදී විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු,සහා දන්ත වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන කාල සීමාව අවුරුදු 60–63 දක්වා දීර්ඝ කළ බවද වැඩිදුරටත් ඇමතිවරයා සිහිපත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *