හේමරතන හිමිගේ නඩුව යටගහන්නැයි ආණ්ඩුවෙන් තර්ජන… ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි….?

June 8, 2026 at 1:56 pm | by emanisa.lk

හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිට අදාළ ළමා අපචාර නඩුව යට ගැසීමට කුමන්ත්‍රණයක් දියත්ව ඇතැයි මාධ්‍යවේදී සරෝජ් පතිරණ චෝදනා කරයි.

මෙම නඩුව යට ගැසීම සඳහා ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහට තර්ජනය කර ඇතැයිද ඔහු අනාවරණය කරයි.

මෙම තර්ජන නිසා සිය ධුරයේ රාජකාරී කටයුතු ස්වාධීනව ඉටුකරගත නොහැකි වීම නිසා සභාපතිනිය ඉල්ලා අස්වීමට සූදානම් වන බවද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සරොජ් පතිරණ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *