ග්‍රීක බැඳුම්කරේ පාඩුව බිලියන 1.8යි… වසරේ ඉපයූ ලාභය බිලියන 47යි… පාඩුව කබ්‍රාල් ගෙවිය යුතු නම් ලාභයත් ඔහුටමයි…!

June 8, 2026 at 11:58 am | by emanisa.lk

ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කොට රු. බිලියන 1.84කට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති කබ්‍රාල්ට එරෙහි දනා යළිත් කරළියට පැමිණ ඇත. මීට පෙර රනිල් වික්‍රමසිංහ අවස්ථා දෙකකදි මොහුට එරෙහිව චෝදනා ගොනු කලද කබ්රාල් ඒවායින් නිදහස් විය.

අනුර කුමාරගේ රජය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කබ්‍රාල්ට චෝදනා ගොනුකොට ඇත.කබ්‍රාල්ට එරෙහි නඩුව පවරා ඇත්තේ, 2018 වසරේදී සම්මත කරන ලද පනතක් යටතේය.

ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කර ඇත්තේ, 2011 මාර්තු 19 වැනිදා සිට 2012 නොවැම්බර් 29 වැනිදා දක්වා වූ කාලසීමාව තුළය. අතීතයට බලපාන අන්දමින් දඬුවම් කිරීමට නීතියේ ප්‍රතිපාදන නැත. මේ සම්බන්ධයෙන් කබ්‍රාල්ගේ නීතිඥයන් දැනටමත් මූලික විරෝධයක් ගොනුකොට ඇත.

2011දී අජිත් නිවාඩ් කබ්රාල් යටතේ මහ බැංකුවේ සංචිත කළමනාකරණයෙන් ලැබුණු ලාභය රුපියල් බිලියන 47.3කි. එම ලාභය ඔහු ලැබුවේ අයර්ලන්තය, ස්පාඤ්ඤය, පකිස්ථානය යන රටවල ආයෝජනය කරමිණි.

කෙසේ වුවද ග්‍රීසියේ කළ ආයෝජනයෙන් රුපියල් බිලියන 1.8ක අලාභයක් සිදු විය. (එකල්හි,ග්‍රීසිය BB ශ්‍රේණියේ විය) තවද ඉහත රටවල් හතරේම ආයෝජන කළේ මහ බැංකුවේ විදේශ මෙහෙයුම් ඒකකයේ සහ මුදල් මණ්ඩලයේ අනුමැතිය සහිතවය.

කරුණු එසේ හෙයින් ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුවූ අලාභය වන රු බිලියන 1.8 කබ්රාල් දැරිය යුතු යැයි අධිකරණය කල්පනා කරන්නේ නම් එම වසරේදී ඔහු ඉපයූ ලාභය වන බිලියන 47.3 කබ්රාල්ට ලැබිය යුතුය.

තවද, එදා කොටි ත්‍රස්තවාදින් පරාජය කළ යුධ මෙහෙයුමට නොනවතින රැල්ලක් සේ ලොජිස්ටික් සහාය ලැබුනේ අජිත් නිවාඩ්ලා නිසාය. තරු පටි පදක්කම් නොමැති වුවද මිලිටරි ක්‍රියාන්විතයේ බැක් එන්ඩ් එක තුළ අජිත් නිවාඩ්ලා කල මෙහෙය විසල්‍ ය.

කීර්ති රත්නායක

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *