ආණ්ඩුව රිලවා පළිබෝධකයෙක් ලෙස නම් කළා… පණුවට මැස්සට කරන දේ රිලවටත් කරන්න….! – නි. ඇමති නාමල් කරුණාරත්න…

June 7, 2026 at 12:21 pm | by emanisa.lk

ආණ්ඩුව රිලවාද පළිබෝධකයෙක් ලෙස නම් ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පවසයි.

“රිලවා පළිබෝධකයෙක් ලෙස නම් කර ඇත. තමුන්නාන්සෙලාගේ කුඹුරට එළවළු කොටුවට පළිබෝධකයෙක් ආවොත්…. පළිබෝධකයා කියන්නේ මැස්සෙක් වෙන්න පුළුවන්. කුඩිත්තෙක් වෙන්න පුළුවන්. ඉගිලෙන එකෙක් වෙන්න පුළුවන්. පණුවෙක් වෙන්න පුළුවන්.

ඒ මොකෙක් හරි ආවොත් තමුන්නාන්සෙලා මොකද කරන්නේ? රිලවාද පළිබෝධකයෙක් ලෙස නම් කර ඇත. ඊට වඩා දෙයක් මම කියන්නේ නෑ.”

උත්සව අවස්ථාවක් අමතමින් නි. ඇමති නාමල් කරුණාරත්න මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *