පාකිස්ථානයේ තෙල් මිල පහත හෙළන විට ලංකාවේ ඉහළ දමමින් ඇතැයිද ආණ්ඩුවට ආර්ථික කළමනාකරණය ගැන කිසිදු විවෘත සංවාදයක් නොමැති බවද හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.
ලංකාවේ දුර්වල පාලනයක් ඇති වන්නේ නම් විදේශ රටවල් ඉතාම කැමති බවත් මේ රටද යුක්‍රේනය රැගෙන ගිය මාවතේ ගෙන යන්නට කුමන්ත්‍රණකාරී අරගලය අවස්ථාවේ පිරිසක් කටයුතු කළ බවත් හිටපු ඇමතිවරයා පෙන්වා දෙයි.
යුක්‍රේනය සිය ආර්ථිකය ගොඩනගමින් අසල්වැසි රුසියාව සමග ඉතාම හොඳ සබඳතාවක් පවත්වාගෙන යන අතර ඊනියා අරගලයක් දියත්කර නළුවෙකු ජනාධිපති කර රුසියාව සමග ගැටුමක් නිර්මාණය කළ බව විජේදාස රාජපක්ෂ පෙන්වා දෙයි.
ආරම්භයේදී ඊට සහය දුන් ඇමරිකාව අනතුරුව අර නළු ජනාධිපති දණ ගස්වා යුක්‍රේන ජනතාවට අයිති ඩොලර් බිලියන 500ක පමණ එරට ඛනිජ ඇමරිකාව අත්පත් කරගත් බවද ඔහු අනාවරණය කරයි.