ජෙනරල් සලේ මාරාන්තික උපවාසයකට : (Fast to Death Campaign)
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තුළ හිටපු මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මුහුණ දෙන කුරිරු ඉරණම
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) භාරයේ මේ වන විට රඳවා සිටින විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මුහුණ දෙමින් සිටින ඛේදනීය තත්ත්වය, මෙරට නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ දැඩි ප්‍රශ්නාර්ථයක් සමාජය හමුවේ මතු කරයි.
ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් සහ පවුලේ ඥාතීන් හරහා අද දින හෙළිදරව් වූ කරුණු,
1. අද දින සල්ලේ මහතාගේ පුත්‍රයා සහ ඔහුගේ සහෝදරයා CID භාරයේ සිටින ජෙනරාල් සල්ලේ මහතා හමුවී ඇත.
2. ඔහු සහ පැමිණි අමුත්තන් නිරීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් 7 දෙනෙකු යොදවා තිබූ බව සඳහන් වේ.
3. තවද, කුණු වී ගිය ගෝවා සමඟ බත් හැන්දක් පමණක් කඩදාසි කැබැල්ලක දමා ලබා දී ඇති බවත්, කුටියේ පිඟානක් හෝ නොමැති බැවින් බිම වැතිරී ආහාර ගැනීමට සිදු වූ බවත් ඔහු පවසා ඇත.
4. ඔහු “මරණය දක්වා උපවාසයක්” ආරම්භ කර ඇති අතර මෙවැනි අඛණ්ඩ වධහිංසාවකට තවදුරටත් ලක් වීමට වඩා මිය යාමට කැමති බවත් තම පුත්‍රයා මගින් දැනුම් දෙන ලෙස ඉල්ලා ඇති බවත් සඳහන් වේ.
එසේම, රිට් පෙත්සම මගින් තම නාමය නිදොස් කරනු ඇති බවත්, තම මරණයෙන් පසුව වුවද නීතිඥවරුන් විසින් නඩු කටයුතු ඉදිරියට ගෙන යා යුතු බවත් ඔහු පවසා ඇත. කිසිදු ශිෂ්ටසම්පන්න සමාජයකට අනුමත කළ නොහැකි තරම් අමානුෂික ව සිරමැදිරිය තුළ දැඩි මානසික පීඩනය සහ වධහිංසාව යටතේ සලේ පසුවෙයි.
විශ්‍රාමික ඉහළ හමුදා නිලධාරියෙකුට නීතියේ රැකවරණය යටතේ මෙවැනි කුරිරු ඉරණමකට මුහුණ දීමට සිදුවේ නම්, සාමාන්‍ය පුරවැසියෙකුගේ තත්ත්වය කුමක් විය හැකිද යන්න බරපතළ ගැටලුවකි. ඔහු ආරම්භ කර ඇති මෙම මාරාන්තික උපවාසය හුදෙක් එක් පුද්ගලයෙකුගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොව, සමස්ත යුක්තිගරුක සමාජයේම හෘද සාක්ෂිය අවදි කළ යුතු, වගකිවයුත්තන් වහා පිළිතුරු දිය යුතු ඛේදවාචකයකි.
සංජීිව බටුවත්ත
FB