කොටි සතුටු කරන්න සුරේෂ් සලේට දස වධ දීම හෙළා දකිනවා…! – දිලිත් ජයවීර…

June 6, 2026 at 1:32 pm | by emanisa.lk

මේජර් ජනරාල් සුරේෂ් සලේ නීතිය අවභාවිත කරමින් හිංසනයට ලක්කිරීම තරයේ හෙළා දකින බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ආණ්ඩුවට සහාය දෙන යම් යම් කණ්ඩායම් සතුටු කරමින් සිය පටු දේශපාලන අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීම සඳහා බෙදුම්වාදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ මෙම රණවිරුවාට ආණ්ඩුව කෘර ලෙස සලකන බව තහවුරු වී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

සලේට විරුද්ධව යම් චෝදනාවක් එල්ල වන්නේ නම් ලංකාවේ සියලුම පුරවැසියන්ට හිමි නිර්දෝෂීභාවයේ පූර්ව නිගමන අයිතිය ඔහුට හිමි විය යුතු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

විපක්ෂයේ සිටියදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරන බවට චෝදනා කළ පිරිස බලයට පත්ව එම නීතිය කිසි දිනක නොවූ විරූ ලෙස අවභාවිත කරමින් ඇති බවටද දිලිත් ජයවීර චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *