පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව ඔස්සේ විකාශනය වූ ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහනෙහි ඇතුළත් ප්රබලතම සිදුවීමක් පිළිබඳ තමන් සතුව කිසිදු සාක්ෂියක් නොමැති බව එම වැඩසටහනෙහි නිෂ්පාදක සහ විධායක අධ්යක්ෂ ටොම් වෝකර් පවසයි.
එම වීඩියෝ පටයෙහි හිටපු බුද්ධි අංශ ප්‍රධාන සුරේෂ් සලේ සහ පාස්කු බෝම්බ ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම් අතර හමුවක් සිදු වූ බව ප්‍රකාශ කළද ඒ පිළිබඳ පිළිගත හැකි කිසිදු සාක්ෂියක් තමන් සතුව නොමැති බව ඔහු පිළිගෙන ඇත.
ජිනීවාහිදී සාකච්ඡාවකට එකතු වෙමින් ටොම් වෝකර් පවසා ඇත්තේ මෙම වාර්තා වැඩසටහන ජිනීවාහි ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරන මහනුවර සිට එහි ගොස් සිටින ව්‍යාපාරිකයෙකුට අයත් රාජ්‍ය නොවන සංවිධානයකි.