මාලිමාණ්ඩුව එක මිටට රටටම සුද්දේ දෙයි.. ඇමති විද්‍යාරත්න බදුලු දුම්රියපොළේ තණ කපයි…!
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ලෝක පරිසර දිනය නිමිත්තෙන් ශ්‍රමදාන මෙහෙයුමකට එකතු වූ බවට සිය ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහනක් පහත දැක්වෙයි.
ජගත් පරිසර දිනය නිමිත්තෙන් ඌව පළාත පුරා දැවැන්ත ‘ශ්‍රම මෙහෙයුමක්’.
ජුනි 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව ඌව පළාතේ සෑම ග්‍රාම සේවා වසමක්ම ආවරණය වන පරිදි සංවිධානය කළ දැවැන්ත “ශ්‍රම දිනය” ශ්‍රමදාන වැඩසටහන් මාලාව අද (05) දින ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කෙරිණි. මෙම වැඩසටහන ‘Clean Sri Lanka’ ලේකම් කාර්යාලය, ඌව පළාත් සභාව, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු ඌව පළාතේ සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව සංවිධානය කර තිබුණි.
දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්, ග්‍රාම සේවා වසම් මූලික කරගනිමින් සංවිධානය කෙරුණු මෙම ශ්‍රමදාන ව්‍යාපෘති “ප්‍රජාශක්ති සංවර්ධන කමිටු” හරහා බිම් මට්ටමින් ක්‍රියාත්මක විය. ඒ අනුව අද දිනය තුළ ඌව පළාත පුරා සමස්ත ශ්‍රමදාන වැඩසටහන් 2,500කට ආසන්න ප්‍රමාණයක් පැවැත්වුණු අතර, සමස්ත මෙහෙයුම අද උදෑසන 8.00 සිට පස්වරු 2.00 දක්වා ක්‍රියාත්මක විය. මෙහි බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන උදෑසන 8.00 ට බදුල්ල දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරිණි.
මෙම දැවැන්ත ශ්‍රමදාන වැඩසටහන සඳහා ඌව පළාත පුරා අද දිනයේ පළාතේ දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිළධාරින්, යුද හමුදා සාමාජිකයන්, පාසල් ළමුන් ඇතුළු දෙලක්ෂ පනස්දහසකට (250,000) අධික ජනකායක් සිය ශ්‍රම දායකත්වය සපයා ඇත. මෙය ලංකා ඉතිහාසයේ සනිටුහන් වන සුවිශේෂී දිනයක් වන අතර, මේ හරහා විශාල මහජන මුදලක් ඉතිරි කරමින් රටේ ආර්ථිකයට විශාල වටිනාකමක් එකතු කිරීමට ද හැකි වී තිබේ.
බදුල්ල දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පැවැති ප්‍රධාන වැඩසටහන සඳහා ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල මහත්මිය සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, නාගරික මන්ත්‍රීවරුන් ස්වේච්ඡා කණ්ඩායම් ඇතුලු ප්‍රදේශයේ විශාල ජනකායක් එක්ව සිටියහ.