මේජර් ජනරාල් සුරේෂ් සලේ රණවිරුවෙකු යැයි ප්රකාශ කරන්නේ කාබාසිනියා වූ විපක්ෂය බව ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්රිශාන්ත ප්රනාන්දු පියතුමා පවසයි.
බුද්ධි අංශ ප්රධානියෙක් යනු රණවිරුවෙක් නොවන බවත් යුද බිමට ගොස් ජීවිත පරදුවට තබා සටන් කළ පිරිස රණවිරුවන් බවත් පියතුමා ප්රකාශ කරයි.
රණවිරුවෙකු නොව ජනාධිපති වුවත් යම්කිසි අපරාධයක සැකකරුවෙකු වුවහොත් ඔහුට නීතිය ඉදිරියෙහි විශේෂ වරප්රසාද නොලැබෙන බවද හෙතෙම අවධාරණය කරයි.
සුරේෂ් සලේ නිවැරදිකරු නම් ඔහුට සියදිවි නසාගැනීමේ උවමනාවක් නොමැති බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේද විදෙස් ගමන් තහනම් කර වාසනාවකට මෙන් පාස්කු ප්රහාරයේ පරීක්ෂණ කටයුතු ඉදිරියට යෑම පිළිබඳ සතුටු වන බවද ජූඩ් ක්රිශාන්ත පියතුමා සඳහන් කරයි.
සුරේෂ් සලේ සම්බන්ධ පාස්කු ප්රහාර නඩුව ඔහුගේ නීතීඥයන් ගොනුකළ පෙත්සමකට අනුව ඊයේ (04) කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ ඔහු මේ බව කීය.