මහින්ද එල්ලලා මැ..වොත් අනුර රට හැදුවා කියලා පිළිගන්නවා…! – සරත් ෆොන්සේකා…

June 4, 2026 at 11:53 am | by emanisa.lk

ජනාධිපති අනුර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එල්ලා නොමැරු…වහොත් ඔවුන් රට හැදුවේ යැයි තමන් නොපිළිගන්නා බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

“අනුර දිසානායක ගරු ජනාධිපතිතුමා ඇතුළු මෙම රජය කොච්චර පම්පෝරි ගැහුවත් මහින්ද රාජපක්ෂට වැඩේ දුන්නේ නැත්නම් අපි පිළිගන්නේ නෑ, ඒගොල්ලෝ මේ රට හැදුවා කියලා.

මේ රටට සේවය යුතුකම ඉෂ්ට කරන්න. ඒ වැඩේ කළ දවසට තමයි අපි පිළිගන්නේ මේ රජය ජනතාව වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කළා කියලා. මේක තමයි, යථාර්ථය. මේක තමයි, සත්‍යය.

අපට බලය නැති වුණත් අපි ඇත්ත කතා කරන්න බය නෑ. පැය විසිහතරෙන් අත්අඩංගුවට ගන්න පුළුවන්. මහින්ද රාජපක්ෂට දෙන්න ඕන දඬුවම තමයි, එල්ලා මැ….රී…ම.”

සරත් ෆොන්සේකා මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *