අද ජුනි 01 වැනිදා ජනාධිපති සහ අධිකරණ නිලධාරින්ගේ සංගමය අතර රැස්වීමක් පැවැත්වීමට නියමිතය.
අධිකරණ නිලධාරින්ගේ සංගමයේ සභාපති ධූරය දරන්නේ මෑතකදී කොටුව මහේස්ත්‍රාත් ලෙස ආ පසන් අමරසේනය.
මෙම රැස්වීමේදී අගවිනිසුරු ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත්වීමට නියමිතය.
ප්‍රීති පද්මන් සූරසේනට සේවා දිගුව ලැබීම යසන්ත කෝදාගොඩ ගෙදර යන නිමිත්ත විය හැක.
සේවා දිගුව නොලැබුණොත් ප්‍රීති පද්මන් සූරසේන, එළඹෙන දෙසැම්බරයේදී විශ්‍රාම ගත යුතුය.
පසුගියදා යසන්ත කොදාගොඩ අධිකරණ සේවා කොමිසමේ හිස් වූ ධුරයක් සඳහා පත් කෙරුණි.
වත්මන් අග විනිසුරු තවත් වසර දෙකක් තබා ගැනීමට පැලවත්ත කාර්යාලය සැලසුම් කොට ඇත.
මෙම තීන්දුව ප්රජාතන්ත්රවාදයේ පදනමට එල්ල කළ කුළු ගෙඩි ප්රහාරයකි. එනම් විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ස්වායක්ත විය යුතුයි යන මූලධර්මය උල්ලංඝනයකි.
කීර්ති රත්නායක