ලංකාවේ උගත්ම කාන්තාවක් අධ්‍යාපන ඇමතිනිය වෙලා… ඉතිහාසේ ලොකුම මුදල අධ්‍යාපනයට වෙන්කළා…!

May 31, 2026 at 11:44 am | by emanisa.lk

ලංකාවේ උගත්ම කාන්තාවක් වන අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමති ධුරය හොබවන බව නි. අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

මෙවර ඉතිහාසයේ වැඩිම මුදල ලෙස අධ්‍යාපනයට කෝටි 62 000ක් වෙන්කළ බවද ඔහු පෙන්වා දෙයි.

මීට පෙර එවැනි විශාල මුදලක් අධ්‍යාපනයට වෙන්කර නොමැති බවද නි. ඇමතිවරයා අවධාරණය කරයි.

රටේ ඉහළම වැටුප් ලබන පිරිස අතරට ගුරු වෘත්තිය ගෙන එන බවට තමන් පොරොන්දු වූ බවත් ලබන වසරේ සියලු දෙනාට වැටුප් වරධකයක් ලබාදෙන බවද නාමල් කරුණාරත්න ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *