ගෝඨාභය රාජපක්ෂ බලය අතහරින විට සියයට 70ක් වූ උද්ධමනය මේ වන විට සියයට 5ට අඩු මට්ටමක පවත්වාගෙන යෑමට සමත්ව ඇති බවද ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් නිපුනආරච්චි පවසයි.
එදා 70%ක් වූ උද්ධමනය දිට්වා ආපදාව, ලෝක යුද්ධයක් වැනි විශාල අර්බුද මැද නැවත 5%ට වඩා අඩු මට්ටමක පවත්වා ගෙන යෑමට හැකිව ඇතැයිද හෙතෙම ප්රකාශ කරයි.
එහෙයින් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවී ඇති බවට කරන ප්රකාශය පිළිගත නොහැකි බවද මුදල් අච්චු ගැසීම සිදුවන්නේ රටේ ආර්ථික වර්ධනයට සමගාමීව මිස රනිල් වික්රමසිංහ මෙන් මුදල් මැවීමට නොවන බවද ලක්ෂ්මන් නිපුනආරච්චි අවධාරණය කරයි.
ස්වාධීන රූපවාහිනයේ වැඩසටහනකට එකතු වෙමින් ඔහු මේ බව කීය.