ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී ඇතැයි දිගින් දිගටම බොරු කියන විපක්ෂ කණ්ඩායම්වලට අවම වශයෙන් සාර්ථක මැයි දින රැලියක් තබා ගැනීමට නොහැකි වූ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
තම පක්ෂයේ නායකයන් පිරිසවත් මැයි දින වේදිකාවට නැංවීමට නොහැකි වූ ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්න පිරිස ආණ්ඩු අල්ලන්නේ කෙසේ දැයි ඇමතිවරයා ප්‍රශ්න කරයි.
ආණ්ඩුව ජන වරමට ගරු කරමින් දැවැන්ත විශ්වාසවන්ත ගමනක් ඉදිරියට යන බවත් එහෙයින් මේ රටේ නැවත ආණ්ඩුවක් හදන්නේ නම් ඒ මාලිමාව බවට කිසිදු සැකයක් තබාගත යුතු නැති බවද වසන්ත සමරසිංහ අවධාරණය කරයි.