අවුරුදු පහෙන් පොහොසත් රටක් හදන්න බෑ… චීන ආණ්ඩුවට අවුරුදු 60යි, කියුබාවේ 70යි… අපටත් අවුරුදු 25ක්වත් ආණ්ඩුව දෙන්න…! – මාලිමා මන්ත්‍රී…

May 26, 2026 at 11:07 am | by emanisa.lk

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදාකර දීමට වසර 20කට වැඩි කාලයක් ජනතාව තමන්ට බලය ලබාදිය යුතු බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර පවසයි.

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. ඔන්න ඔතෙන්ට අරන් යන්න වසර විස්සකට වැඩි කාලයක් ඔබ අපිත් එක්ක ඉන්න ඕන.

දැන් චීනයේ අවුරුදු හැටකට වැඩියි එකම ආණ්ඩුවක්. කියුබාවේ අවුරුදු හැත්තෑවකට වැඩියි එකම ආණ්ඩුවක්. වියට්නාමයේ අවුරුදු 55කට වැඩියි එකම ආණ්ඩුවක්.”

පද්මසිරි බණ්ඩාර මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *