මේ රටේ දූෂණය නාස්තිය සහ වංචාව නතර කිරීම සඳහා ජනතාව තමන්ට ජන වරමක් දුන් බව ජනාධිපති අනුර දිසානායක පවසයි.
මේ වන විට හොරකම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බවත් විපක්ෂය කරකියාගත හැකි දෙයක් නොමැතිව බොරු චෝදනා නගන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
තමන් ඇතුළු ඇමති මණ්ඩලය සහ මන්ත්‍රී මණ්ඩලය මහජන මුදල් සතයක් සොරකම් හෝ නාස්ති නොකරන බවට සහතික වන බවත් එසේ කරන කිසිවෙකුට ආණ්ඩුවේ සිටිය නොහැකි බවත් හෙතෙම අවධාරණය කරයි.
දූෂිතයන්ට තරාතිරම නොබලා නීති මාර්ගයෙන් දඬුවම් ලබා දෙන බවත් බලය ඇති නැති සැමට නීතිය සමානව ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.
ජනාධිපති අනුර දිසානායක මේ බව ප්‍රකාශ කළේ අම්පාර බහුකාර්ය නගර ශාලාවේ ඉදිකිරීමේ ආරම්භ කිරීමේ උත්සවයට එකතු වෙමිනි.