ණය ගත්තාම ආර්ථිකේ වැටෙන කතා බොරු… රටක් ණය ගන්න එකම තමයි හොඳ…. තව ණය අරන් ආර්ථිකේ ගොඩ දානවා…! – නි. ඇමති අනිල් ජයන්ත…

May 21, 2026 at 7:34 pm | by emanisa.lk

ණය ලබා ගන්නා විට ආර්ථිකය බිඳ වැටෙන බවට වැරදි මතයක් සමාජගත කර ඇති නමුත් රටක් පාලනය කිරීමේදී ගැටලුවක් නොමැතිව ණයක් ලබා ගැනීමට හැකි නම් එය හොඳ තත්ත්වයක් බව මුදල් නි. අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

පෙර පැවති ආණ්ඩු ණය ලබාගෙන අවභාවිත කිරීම නිසා ප්‍රතිඵල නොලැබීමෙන් ණය ව්‍යසනයක් බවට පත්ව හෙයින් ආණ්ඩුව ණය ගැනීම වැරදි බවට සහ ණය ගනී නම් ආර්ථික කළමනාකරණය අසාර්ථක වන බවට අසත්‍ය මතයක් සමාජගත කර ඇතැයිද ඔහු චෝදනා කරයි.

රටේ ණය වැඩි කර ඇතැයි චෝදනා කළද ණය තිරසරභාවය ආණ්ඩුව අත්පත් කරගෙන ඇති බවත් තිරසර ලෙස ණය ලබා ගැනීමේදී ආර්ථිකය නිවැරදි ලෙස හැසිරෙන බවද ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉදිරියේදී ඩොලර් මිලියන 400ක්ද ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 480 දක්වාද ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්ද ඊට අනුබද්ධ සංවිධානයකින් ඩොලර් මිලියන 50ක්ද ලබා ගැනීමේ හැකියාව ඇති නිසා ආර්ථික කළමනාකරණයෙහි කිසිදු ගැටලුවක් මතු නොවන බවද හෙතෙම අවධාරණය කරයි.

පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස