පාස්කු මහ මොළකරු නාඩගමට ආයෙමත් ඇනකොන්ඩා… ප්‍රංශෙන් ගෙනා සලේට එරෙහි මවුලානාගේ සාක්කි පරස්පරයි…!

May 21, 2026 at 5:08 pm | by emanisa.lk

සලේ PTA යටතේ අත්අඩංගුවට ගත්තේ හමුදා කුලී ඔත්තුකරුවකු විදෙස් මාධ්‍ය ආයතනයකට ලබා දුන් වොයිස් කට් එක්කට අනුවය. 2026 අප්‍රියෙල් 22දා සුරේෂ් සලේ කොටුව මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කළේය. දැනට රටින් පලා ගොස් සිටින සලේට එරෙහි වොයිස් කට් එකක් දුන් හමුදා ඔත්තුකරුවාගේ නම අසාද් මව්ලානාය.

කෙසේ වුවද පසුගිය නඩු වාරය වන විට අසාත් මවුලානාගෙන් කට උත්තරයක් ලබාගෙන නොතිබුණි. මහේස්ත්‍රාත් ඒ පිළිබඳව දිලීප පීරිස් ගෙන් ප්‍රශ්න කළේය. අසාත් මවුලානා ප්‍රංශයේ සිටින බවත්, එහි තානාපති කාර්යාලයට කැඳවා සූම් හරහා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් එය සාර්ථක නොවූ බව දිලිප ප්‍රකාශ කළේය.

අසාත් මවුලානා චැනල් 4 නාලිකාවට ප්‍රකාශයක් කළේ යුක්තිය උදෙසා නම් අධිකරණයට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැකිළෙන්නේ ඇයි දැයි මහේස්ත්‍රාත් ප්‍රශ්න කළේය. එම නඩු වාරයෙන් පසු ශානි ප්‍රංශයට ගොස් අසාත් මවුලානාගෙන් කට උත්තරයක් ගත්තේය. එය දීලීප පීරිස් අද අධිකරණයට ඉදිරිපත් කළේය.

අසාත් මවුලානා සිය ප්‍රකාශයෙන් හමුදා බුද්ධි අංශයට ප්‍රධාන චෝදනා 3 එල්ල කොට ඇත.
1. 2006 සිට හමුදා බුද්ධි අංශයෙන් සහරාන් ඇතුළු විශාල පිරිසකට පඩි ගෙවූ බව.
2. සහරාන්ගේ සහෝදරයා වූ ශයිනි ඇතුළු පිරිස 2017 මාර්තු මස 10 වැනිදා අල්ලියාර් හංදියේ ගැටුමට අත්අඩංගුවට ගත් විට ඔවුන්ට ඇප ගැනීමට හමුදා බුද්ධි අංශයෙන් මුදල් දුන් බව.
3. සලේ 2015 -17 අතර කාලයේදී සහ්රාන් හමුවී ඇති බව.

සාහරාන් 2005 සිට හමුදා බුද්ධි අංශයට සම්බන්ධ ඔත්තුකරුවෙකි. සහරාන් අවස්ථා දෙකකදී බෝම්බ ඇසුරු එල්ටීටී වාහන සම්බන්ධ තොරතුරු ලබා දී ත්‍යාග ලැබූ අයෙකි. හමුදා බුද්ධි අංශය කළ කිසිදු ගෙවීමක් අධිකරණය හමුවේ ඔප්පු කළ නොහැක.

තවද අසාත් මවුලානා සිය කට උත්තරය ඉතා වැදගත් සාක්ෂි 3ක් වසන් කර ඇත.ශානි ඒ ගැන ප්‍රශ්න කොටද නැත.
1. අසාත් මවුලානා පිල්ලයන් සමග සමඟ ඩුබායි වෙත ගොස් රෝ නියෝජිතයකු හමුව ඇති බව මීට පෙර ඔහු විසින්ම ප්‍රකාශ කර ඇත. ශානීට දුන් කට උත්තරයේ ඒ ගැන කිසිදු සඳහනක් නැත.
2. පාස්කු ප්‍රහාරයට පෙර පැවැත්වූ මැතිවරණවලදී රෝ සංවිධානය පිල්ලෙයානගේ දේශපාලන පක්ෂයට මුදල් ලබා දුනි. ශානිට ලබා දුන් කට උත්තරයේ එම කොටස නැත
3. පිල්ලයාන් බන්ධනාගාරයේ සිටින විට ඔහු හමු වූ බව රොහාන් ගුණරත්න ප්‍රකාශ කොට ඇත. ශානිට ලබා දුන් කට උත්තරයේ එම කොටස නැත.

පිල්ලයාන් හිර ගෙදරදී රාජපක්ෂලා හමුවීමට වඩා විදේශ බුද්ධි අංශ සමග කළ හමුවීම් ඉතා තීරණාත්මකය. අද අධිකරණයට ඉදිරිපත් කළ කට උත්තරයේ රාජපක්ෂලා හමුවීම් පිළිබඳ තොරතුරු ඇත, CIA,රෝ ඒජන්තයෙන් හමු වීම පිළිබඳ විස්තර නැත.

රොහාන් ගුණරත්න CIA කොන්ත්‍රාත් කරන අයෙකි. එම නිසා ශානි, රොහාන් ගැන සඳහන් කිරීමට බියය. රෝ සංවිධානය ගැන වචනයක් ලිවීමට ශානි බියය. කරුණලා පිල්ලයන්ලා රෝ සමග කළ ගනුදෙනු පිළිබඳ කට උත්තරයක් මෙම ලියුම්කරුද CIDට ලබා දී ඇත. ශානි වැනි ගෝනි සෙල්ලම් විමර්ශකයකුට, දිලීප වැනි බොරු පිඹින නීතිඥයෙකුට පාස්කු දින ප්‍රහාරයට යුක්තිය ඉටුකළ නොහැක.

Keerthi Ratnayake

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස