රණවිරුවන්ට මල් කළඹක් තියන්නත් අවසර ඕන යුගයක් මේ….!

May 19, 2026 at 11:15 am | by emanisa.lk

හිටපු අමාත්‍ය, විමල් වීරවංශ බත්තරමුල්ල රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීමට පැමිණි අවස්ථාවේ සිදුකළ බාධාකිරීම් පිළිබඳ සිය නිල facebook ගිණුමේ තැබූ සටහනකි.

“17 වැනි විජයග්‍රහණ සැමරුම වෙනුවෙන් අද (18) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියසදී අප මුහුණ දුන් අත්දැකීමයි මේ.

මේ මව්බිම ත්‍රස්තවාදයෙන් මුදාගැනීම වෙනුවෙන් ජීවිත පූජා කළ අපේ වීරෝදාර රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට කළ පූර්ව ලිඛිත දැනුම්දීමක් අප සතුව තිබුණි. එහෙත්, ස්මාරකය අසලට යාමට නොදී පොලීසිය විසින් අපට දිගින් දිගටම බාධා කළේ කුමන පදනමකින්ද?

රට වෙනුවෙන් ලේ, මස්, ජීවිත පූජා කළ වීරයන් සැමරීමට දේශප්‍රේමී ජනතාවට ඇති අයිතිය අවහිර කරන්නේ කාගේ වුවමනාවටදැයි අප එහි සිටි පොලිස් නිලධාරීන්ගෙන් සෘජුවම ප්‍රශ්න කළද, ඔවුන්ට ඒ සඳහා දීමට පිළිතුරක් තිබුණේ නැත!

නීතිය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කරමින්, රණවිරු උපහාරයට බාධා කිරීම පිටුපස ඇති සැබෑ දේශපාලන හස්තය කුමක්ද?

කෙතරම් බාධා පැමිණියද, මේ පොළොව බේරාගත් වීරයන් වෙනුවෙන් කළ යුතු ගෞරවය දැක්වීමෙන්, අපව වැළැක්වීමට කිසිවෙකුට නොහැකිය!”
FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *