රණවිරු සමරුවට මහින්ද සුවිශේෂ නෑ…. අපි ආරාධනා කළා… එන නේන එක ඔහුගේ වැඩක්..! – ඇමති උපාලි පන්නිලගේ…

May 19, 2026 at 9:29 am | by emanisa.lk

රණවිරු සැමරුමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සුවිශේෂ අයකු නොවන බව අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රණවිරු සැමරුම සඳහා හිටපු රාජ්‍ය නායකයන් සියලු දෙනාට ආරාධනා කර ඇති බවයි.

ඒ සඳහා පැමිණීම නොපැමිණීම ඔවුන්ගේ කාර්යක් බවත් උපරිම රාජ්‍ය මැදිහත්වීම යටතේ කිසිදු අඩුවකින් තොරව රණවිරු සැමරුම සිදුකරන බවත් ඇමති උපාලි පන්නිලගේ ප්‍රකාශ කරයි.

කෙසේ වුවද දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මහින්ද රාජපක්ෂට එවැනි ආරාධනාවක් ලැබී නොමැති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *