බස්නාහිර ආණ්ඩුකාරතුමා කොතලාවල වගේ.. එතුමා ඉල්ලා අස්වෙන බවක් කීවේ නෑ… කීවේ ඍජු ආයෝජන ගේන්න කැපවන බවයි..! – සංජය මහවත්ත…

May 18, 2026 at 1:13 pm | by emanisa.lk

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව මේ දිනවල මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපිය මගින් ප්‍රකාශ කර නැතැයි සිවිල් බුද්ධි පෙරමුණේ සභාපති සංජය මහවත්ත පවසයි.

“බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා ඉල්ලා ඉල්ලා අස්වී ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය තුළ මහත් ප්‍රචාරණයක් කරගෙන යයි.මෙයට ආසන්නතම හේතුව වන්නේ ආණ්ඩුකාරතුමා විසින් ඊයේ දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය විය හැකියි.

ඔහුගේ මෙම නිවේදනයේ ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් කිසිසේත් ප්‍රකාශ කර නොමැති අතර දක්වා ඇත්තේ විදේශීය සෘජු ආයෝජන සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ නියෝජිතයා වශයෙන් විශාල කාර්යභාරයක් ඉටු කිරීමට ඇති හෙයින් තමන්ට පැවරී ඇති ආණ්ඩුකාර ධූරයේ වගකීම තවත් අයකුට පැවරුවහොත් සෘජු ආයෝජන සම්බන්ධයෙන් මීටත් වඩා මුලික ලෙස කටයුතු කළ හැකි බවයි.
වර්තමාන කොතලාවල මොඩල් එක වන ආණ්ඩුකාරතුමා ආණ්ඩුකාර ධුරය භාර ගැනීමට ප්‍රථම සමාගම් අසුවක පමණ අධ්‍යක්ෂකවරයෙක්ව සිට ඒ සියල්ල අතහැර රට වෙනුවෙන් යමක් කිරීම සඳහා සෘජු දායකත්වය ලබා දුන්නේය’

තමන්ගේ ව්‍යාපාරික ඥානය සහ විදේශීය සම්බන්ධතා තමන්ගේ අභිවෘද්ධිය සඳහා නොව රටෙහි අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීම අගය කල යුතු අතර මෙවැනි ව්‍යාපාරික ඥානයකින් රටට සේවයක් ලබාගැනීම භාරකයන්ගේ මෙන්ම ජනතාවගේද වගකීමකි.”
FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *