ආණ්ඩුව අපි වගේ දක්ෂයන්ගෙන් පිරිලා… පිට කවුරුත් අපට නම් ලොකු නෑ… කාටවත් අපි ආරාධනා කළෙත් නෑ…!

May 16, 2026 at 4:48 pm | by emanisa.lk

විපක්ෂයේ සිටින දක්ෂයන්ට ආණ්ඩුවට ආරාධනා කළ බවට පැතිරෙන කතාවල සත්‍යයක් නොමැති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හේමාලි වීරසේකර පවසයි.

බොහෝ දෙනෙකු තමන් විශේෂය යැයි සිතා සිටියද ඒ කිසිවෙකු තමන්ට විශේෂයක් නොමැති බවද ඇය අවධාරණය කරයි.

ආණ්ඩුවේ සිටින ජනාධිපතිතුමා සහ 159 දෙනාම ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට හැකියාව ඇති දක්ෂයන් බවද මන්ත්‍රීවරිය ප්‍රකාශ කරයි.

එහෙයින් කිසිවෙකුට විශේෂයෙන් ආරාධනා කිරීමට අවශ්‍යතාවක් නොමැති බවද හේමාලි වීරසේකර සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *