දැඩි වර්ෂාපතනය නිසා අත්තනගලු ඔය පිටාර මට්ටමට පැමිණ ඇති බවත් තව දුරටත් වැසි වැටුණොත් ගං වතුර තත්ත්වයක් මතු විය හැකි බවත් හිටපු පළාත් සභා මන්ත්රී වරුණ රාජපක්ෂ පවසයි.
එහිදී ගං වතුරින් පීඩාවට පත්වන ජනතාවට කෑම බිම ටික ලබාදී උදව් කිරීමට සූදානම් විය යුතු බවද හෙතෙම ප්රකාශ කරයි.
පසුගිය සමයේ ගං වතුරක් පැමිණි විට සියලු දෙනාට උදව් කළද මෙවර ගං වතුරින් යටවීමට කැමැත්තෙන් සිටින පිරිස හඳුනා ගැනීම විශේෂ ගැටලුවකට මුහුණපෑමට සිදුව ඇති බවද වරුණ රාජපක්ෂ පෙන්වා දෙයි.
ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රුවන් මාපලගම සඳහන් කළ පරිදි දිට්වා කුණාටුවෙන් අවතැන් වූ ජනතාවට රජය ලබාදුන් සහනාධාර නිසා එම ගං වතුරට හසු නොවූ ජනතාව මහත් කනගාටුවට පත්ව ඇති බවත් ඔවුන්ට උදව් කිරීමට ගොස් රජයෙන් ලැබෙන සහනාධාර අහිමි කිරීමට නොහැකි බවද ඔහු අවධාරණය කරයි.