(ගනේමුල්ලේ සංජීව ඝාතනයට ගිනි අවිය ලබාදීම ඇතුළු චෝදනා යටතේ පසුගියදා අත්අඩංගුවට ගත් ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් පිළිබඳ කීර්ති රත්නායක ඔහු අත්අඩංගුවට ගැනීමට දින ගණනාවකට පෙර සිය ෆේස්බුක් පිටුවේ තබන ලද සටහනකි.)
කෙහෙල්බද්දර පත්මේගේ පියා ජවිපෙ සාමාජිකයෙක් මෙන්ම ඔස්මන්ගේ ගෝලයෙකි. ගනේමුල්ල සංජීව, ඔස්මන් ඝාතනය සඳහා කිහිප වරක්ම උත්සාහ කළේය. පත්මේගේ පියා ඝාතනය කළේ සංජීවය.
සංජීව, කිහිපවරක් ඔස්මන් සහ පත්මේ ඝාතණය සඳහා ද උත්සාහ කළේය. එකල්හි පත්මේ රට පැන්නේය. ඔස්මන් හැංගුණේය. මේ අතර ආණ්ඩු මාරුවක් සිදුවිය. පත්මෙගෙ පියාගේ පක්ෂය නොහොත් ඔස්මන්ගේ පක්ෂය බලයට පත්විය. සංජීව අභිරහස් ලෙස උසාවියක් ඇතුළේ ඝාතනය විය.
සංජීව ඝාතනය කිරීමට පෙර දින බූස්ස බන්ධනාගාරයේ STF එක හදිසි සෝදිසියක් කර සංජීවගේ ජංගම දුරකතනය අත් අඩංගුවට ගත්තේය. ජංගම දුරකථනය නොමැති වීම නිසා සංජීවට ගෝලයන් හරහා ආරක්ෂාව සලසා ගැනීමට නොහැකි විය.
වෙඩිකෑ දිනයේ අධිකරණය තුළද කුමන්ත්‍රණ සිදුවිය. සංජීව රෝහලට ගෙන යන විට STF බටයන් පහර දුන් බවට සාක්ෂි ඇත. සංජීවට වෙඩි තැබූවා යයි අත්අඩංගුවට ගත් සැකකරු හඳුනා ගනිමේ පෙරටුවේදී අඳුනා ගත්තේ නැත. වෙඩි තැබූ ගිණි අවිය මේ දක්වා සොයාගෙන නැත.
පසුව සංජීව ඝාතනය රාජපක්ෂලාටත්, STF පහර දීම වරුණ ජයසුන්දරටත් බැර වන ආකාරයෙන් ව්‍යාජ කැම්පේන් දියත් විය. එකල්හි වරුණ STF කමඩාන් නොවීය. ව්‍යාජ කැම්පේන් එක දියත් කළේ ආණ්ඩුවේ ඩෝබිලාය. සංජීවගේ ඝාතනයට රාජපක්ෂලාගේ හෝ වරුණගේ කිසිදු සම්බන්ධයක් නැති බව නිරීක්ෂණය වෙයි.
ජවිපෙ බලයට පත් වූ විට පාතාලයෙකු, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු අපරාධකරුවකු වූ ඔස්මන් වීරයෙකු කරමින් චිත්‍රපටියක් තනා දුන්නේය. එවැනි සිදුවීමක් මෙරට ඉතිහාසයේ කිසිදු දිනක සිදුව නැත. එය ඉතා නරක පූර්වාදර්ශයකි.
දැන් වත්මන් ආණ්ඩුව සහ පොලිසිය සංජීව ඝාතනය සම්බන්ධයෙන් පද්මෙලා ඔස්මන්ලා සුද්දකර ඇත. එහි මහ මොළකරු යයි, තමරා නම් නීතිඥවරියක් දෙසට ඇඟිල්ල යොමු කරයි.
කෙසේ වුවද තමරා දෙසට ඇඟිල්ල යොමු කරන විට ඇඟිලි තුනක් ඔස්මන් සහ රජය වෙත යොමු වෙයි. කජ්ජාගේ කතාවත් මීට දෙවැනි නැත.
Keerthi Ratnayake